වාර්තා තියන්නම පනින සචිනි ආයෙමත්…

කාන්තා රිටි පැනිමේ ඉසව්වේ වාර්තාව නව වන වරටත් බිඳ දැමූ සචිනි පෙරේරා ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන සියවන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ රිටි පැනීමේ ඉසව්ව ජයගත්තේ මීටර් 3.71 ක දක්ෂතාවයක් දක්වමින්ය.ඇයගේ පුහුණුකරු වන්නේ පිරිමි රිටි පැනීමේ ජාතික සූරයා වන ඉෂාර සඳරුවන්ගේ ද පුහුණුකරු වන සනත් ගුණරත්නය.

ලංකාවේ වැඩි අවධානයක් යොමු නොවන ඉසව්වක් මෙන්ම පහසුකම් නැති ඉසව්වක් ද වන රිටි පැනීමේ ඉසව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබා දීම සිඳුවන්නේ ඉතා අඩුවෙන්ය.අවම පහසුකම් මැද පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම මත ඉදිරියට එමින් තිබෙන රිටි පැනීම ඉසව්ව වෙනුවෙන් මීට වඩා ජාත්‍යන්තර අත්දැකිම් ලබා ගන්නට ඉසව්වේ දක්ෂතා දක්වන අයට ඉඩ හිමි වේනම් රිටත් ජයග්‍රහණවල ඉහළට පනින්නට හොඳ ඉසව්වක් කර ගැනීමට හැකිය.

එසේම ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා සිටින අමේෂා හෙට්ටිආරච්චි මීටර් 400 කඩුලු ඉසව්වේ දී දෙවන ස්ථානය ලබා ගත්තේ එම ඉසව්වේ නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව ඇය නමට ලියා ගනිමින්ය.ඒ විනාඩි 01;00.22 ක කාලයක් වාර්තා කරමින්ය.

ඡායාරූපයේ දැක්වෙන්නේ රිටි පැනිමේ ඉසව්වේ වාර්තාලාභිණිය සචිනි පෙරේරා ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...