දංකොටුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.
ඇඟළුම් සේවිකාවන් ප්රවාහනය කරන බස්රථයක සේවය කරන මෙම පුද්ගලයා සිය බස්රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා දින දෙකක් තිස්සේ පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. පෝලිමේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබේ.
මේ අතර වෙන්නප්පුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා. 50 හැවිරිදි මෙම පුද්ගලයා සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
UN