ඇමරිකානු රහස් තොරතුරු කාන්දු වේ.

Date:

යුක්රේනයේ යුද්ධය පිළිබඳ සවිස්තරාත්මක සිතියම් ප්‍රස්ථාර, රහස් ලේඛණ අඩංගු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ලේඛන රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව වාර්තා වේ.

මාස 14කට පෙර රුසියාවේ පූර්ණ පරිමාන ආක්‍රමණයෙන් පසු යුක්රේනයේ යුද්ධය පිලිබඳ ඇමරිකානු රහස් තොරතුරු කාන්දුවූ විශාලතම අවස්ථාව මෙය වන අතර, පෙන්ටගනයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම ලේඛණ සත්‍ය බවටයි.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෙලෙස නිකුත් වී ඇති ලේඛණවල සති කිහිපයකින් ආරම්භ විය හැකි ප්‍රහාරයක් සඳහා නව බලසේනා සංවිධානය කිරීම පිළිබඳවත්, දෙපාර්ශ්වයෙන්ම අත්විඳින ලද ජීවිත හානි, එක් එක් අයගේ මිලිටරි දුර්වලතා සහ බටහිර එටවලින් සපයනු ලබන සියලුම යුධ ටැංකි, සන්නද්ධ වාහන සහ කාලතුවක්කු පිලිබදව හා ඒවාට අවශ්‍ය පුහුණුව ලබාදීම් පිළිබඳව මෙන්ම රුසියානු සොල්දාදුවන් 189,500 ත් 223,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ආදී තවත් තොරතුරු රැසක් මෙමඟින් අනාවරණයව තිබේ.

මේ සම්බන්ධයෙන් පෙන්ටගනය පවසන්නේ යුක්රේන යුද්ධයේ දරුණුතම අවස්ථාවේදී මෙලෙස තොරතුරු නිරාවරණය කිරීම හිතාමතාම, බොහෝ විට දෙපාර්ශවයම නොමඟ යැවීමට දරන උත්සහයක් වන බවයි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!