නෙත්මි හෙට කසකස්තාන සටනින් පසුව ඉදිරියට ….?

Date:

ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර තරගාවලිය අප්‍රේල් 9 දා සිට 14 වන දා දක්වා කසකස්තානයේ අසටානා හි පැවත්වෙනවා.එම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් නෙත්මි අහිංසා සහභාගි වෙනවා.ඇය හෙට (අප්‍රේල් 11 ) සිට තරග බිමට පිවිසීමට නියමිතයි.

නෙත්මි සුරංග කුමාර සිය නිවෙස ආසන්නයේ තනා ගත් කියනවාට වඩා අටවා ගත් කිව්වොත් වඩා නිවැරදි පුංචි තැනක සිට නෙත්මිය පුහුණු කරනවා.එහි නෙත්මි පමණක් නොවන තවත් බලාපොරෙතේතු දෙකක් ද දළුලමින් වැඩෙනවා.ඒ චමෝද්‍යා කේෂානි සහ නිපුනි වාසනා.ඒ නිසාම නෙත්මි සුරංග ගේ අහම්බයක් වන්නේ නැහැ.මේ තත්ත්වයන් සළකා දක්ෂතාවලින් ඉදිරියට පැමිණ සිටින නෙත්මි සඳහා සංචාර වියදම් දරමින් විදෙස් පුහුණුව දෙමින් ඇයව නඩත්තු කරන්නට පමණක් ගන්නා උත්සාහය ඇයටවත් මල්ලව පොර ක්‍රිඩාවටවත් යහපතක් වෙන්න තියෙන ඉඩ අවමයි.

නෙත්මි විදෙස් පුහුණුවෙන් පසුව ලංකාවට ආවම ඒ ආසන්න මට්ටමේ හෝ පහසුකම් ඇති පුහුණු බිමක් ලැබෙනවනම් ඒකයි ඉහළම වටිනාකම.එතැනින් ඊ ළඟ පුරුක් දෙකක් වැඩෙනවා.මේ නිසා ක්‍රිඩා අමාත්‍යංශය කවුරු හෝ අනුග්‍රහයක් යටතේ මේ ස්ථානය අවම මට්ටමින් හෝ ජාත්‍යන්තර පහසුකම් තියෙන තැනක් බවට පත් කරන්න අවශ්‍යය වෙනවා.විශේෂයෙන්ම තාක්ෂණික උපකරණ සමඟ.ඔවුන්ට විදේශ තරග නරඹන්න වීඩියෝ පහසුකම් සහ සැටලයිට් පහසුකම්,තමන්ගේ පුහුණුවීම් විඩියෝ කර නැරඹීම සඳහා අවශ්‍යය කැමරා පහසුකම් සමඟ ප්‍රොජෙක්ටර් එකක් ඔවුන්ට තිබෙනවානම් ගොඩක් දේවල් සම්පූර්ණ වෙයි.
පුළුවන්නම් මේ උපකරණ හෝ පරිත්‍යාග කළ හැකි අය වේනම් අදාළ සම්බන්ධීකරණය අප වෙබ් අඩවිය හරහා හෝ කර දිය හැකියි.මේ බිම සවි ඇතිව ඉහළට ඔසවා නොතෙමෙන තැනක් බවට පත් කර සවි එසැවිමේ සහ බර එසැවීමේ පහසුකම් යම් මට්ටමකට සකසා දිය හැකිනම් එයත් අතිශයින් වැදගත් ක්‍රියාමාර්ගයක් වෙනු ඇති.
එසේම මේ වන විට වඩාත්ම නරක තත්ත්වයක් මතුව ඇත්තේ මල්ලව පොර සංගමයේ දල කාරයන්ගේ ගැටුම නිසාය.මෙයට ප්‍රධාන වශයෙන්ම බල පා ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලට සහභාගි වි පැන ගිය හිටපු නිලධාරියෙක් පසු කරුණු නොදැන දමන විෂබීජ නිසාය.කෙසේ හෝ මේ තත්ත්වය නිසා නෙත්මි මේ තරගයට සහභාගිවන්නේ කිසිඳු අනුග්‍රහයක් මල්ලව පොර සංගමයෙන්,ඔලිම්පික් කමිටුවෙන් හෝ ක්‍රිඩා අමාත්‍යංශයෙන් නොලබා ය.

ක්‍රිඩා අමාත්‍යවරයා මේ ගැන වහා අවධානය යොමු කළ යුතුය.තමන්ගේ සිමවෙන් මේ ප්‍රශ්නයට ඇතුළත් විය හැකි සිමාවේදී ඇතුළත්ව ඉවත් වූ ලේකම්වරයා මෙන්ම සභාපතිවරයා සහ භාණ්ඩාගාරකවරයා ඇතුළු විධායක සභාව ගෙන්වා ඇති වි තිබෙන ප්‍රශ්නය සාකච්ඡාවට ගත යුතුය.එයට අනිවාර්යෙන් ජාතික ඔලිමිපික් කමිටුවද සහභාගි කරවා ගත යුතුය.ජාත්‍යන්තරය සමඟ ගණු දෙනුවලදී ජාතික ඔලිමිපික් කමිටුවේ අනුමැතිය සහ නිර්දේශ සමඟ කටයුතු කර තිබිම වැදගත්වන අතර “මං පොර ලීලාවෙන් තීරණ ගතහොත් විය හැක්කේ මල්ලව පොර සංගමයට ජාත්‍යන්තර වශයෙන් වාරණ වැටෙන්නට ඉඩ හැදීමය.

තවත් මාස එක හමාරකින් නෙත්මි උස්බෙකිස්තාන තරගාවලියට ද යා යුතුය.ඉදිරි තරග කිහිපයක්ම ඔලිම්පික් වෙනුවෙන් මහන්සි වන්නට ඇති අතර බොහෝ විට යෙදි තිබෙන ආසියානු සූරතාවලියේදි නෙත්මි ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙනා පළමු ක්‍රීඩිකාව කිරිමට ද විශාල ඉඩක් ඇත.ඒ නිසා වඩා වැදගත් වන්නේ ක්‍රීඩා බලදාරීන් කසකස්තානයෙන් ඉදිරියට නෙක්මි සහ ශ්‍රී ලංකාවේ මල්ලව පොර ගැන සිතීමය.පැන ගිය තැනත්තා ඉතුරු කර ගිය මුදල මෙන් දෙතුන් ගුණයක් මේ වන විට වත්මන් මල්ලව පොර සංගමය වියදම් කර ඇති අතර ඔහු ඉතිරිකර ගිය මුදල වැය කර පැවත් වූ පුහුණු කදවුරක් ගැන රටේ නොමැති ඔහු නොදන්නේය.රටට කැළළක් කර පැන යාමෙන් නොනැවති අද ඔහු රටකට යන්නට පාර හැදූ රටේ මල්ලව පොර ක්‍රීඩාවේ ස්වරණමය සටහන් ලිවිමට ඇති අනාගතයක් දැක දැක ඊට වසුරු හෙළන්නට තමන්ගේම ලේ යොදා ගනිමින් කරන කටයුත්ත හිරිකිතය.

නමුත් හොරගෙ අම්මාගෙන් පේන ඇසීමට බලධාරින් යොමු වන්න පෙර අප ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රිඩා අමාත්‍යංශයට නැවත නැවතත් යෝජනා කරන්නේ මල්ලව පොර පාර්ශව එකට එකතු කර ජාතික ඔලිම්පික් කමිටුව ද සහභාගි කරගෙන නෙත්මි සහ රටේ මල්ලව පොර රැක ගැනීම වෙනුවෙන් විවාත සාකච්ඡා මේසයක් තනන ලෙස ය.තීරණ ගැනිමට සඳහා වඩාත් පහසු කරන්නට එම සාකච්ඡාව අවශ්‍යයනම් ජාතික ඔලිම්පික් කමිටුවේ පැවත්වීමට යෝජනා කරන්නටත් බුද්ධිමත් විමට ක්‍රිඩා අමාත්‍යවරයාට හැකිය.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...