අපි හොඳ වැඩපිළිවෙලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන – මහාචාර්ය රංජිත් බණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (10 ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහභාගි වූ අතර එහිදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය, බහුපක්ෂ ක්‍රමය පමණක් නොවන බවත් , මේ රටේ මහජනතාවගේ ආර්ථික නිදහස වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක් යැයි කී ඒ මහතා , කිසිදු පක්ෂයක කිසිදු කණ්ඩායමක මතය නොව ඔවුන් නියෝජනය කරන්නේ ඔවුන්ගේම මතය බවත් එය ඉතා පැහැදිලි බවත් කියා සිටියේය

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් බණ්ඩාර මහතා,

“අපිට පේනවා අද තත්වය කිසියම් යහපත් ආකාරයකට පරිවර්තනය වෙමින් පවතිනවා. විදුලිබල කප්පාදුවක් නෑ. ගෑස් සැපයුම ස්ථාවරයි. පොළිම් නැ. අතරමැදි වෙළඳපොලක් නෑ. භාණ්ඩවල මිලත් අඩුවෙමින් පවතිනවා. හැබැයි මේ තියෙන සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නෑ. විශාල පිරිස් සේවා ව්‍යුක්තයි. තව පිරිසක් ඌන සේවා නියුක්තයි. විභාග පස්සට ගිහිල්ලා. තවම මිනිස්සු පාරට බහින එක නතර වෙලා නෑ. ඒ නිසා අපි අත්පත් කරගත්ත ජයග්‍රහණ ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලකට අපි අවතීරණ වෙන්න ඕන. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ අධිෂ්ඨාණය තිබුණා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කළා. අපිට තිබෙන ප්‍රශ්න බොහෝමයක් තවම විසඳාගත යුතුව තිබෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ කවුද ජනාධිපති අපේක්ෂකයා කරලා මේ ප්‍රශ්නය විසඳගන්නවා කියන තැනට තල්ලු වෙන්න ඕන නෑ. එයට කාලය තිබෙනවා.

අපි හොඳ වැඩපිළිවෙලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන මේ රටේ තිබෙන සියලුම ප්‍රශ්න විසඳාගන්න පුළුවන් ක්‍රමවේදයක්. මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි එවැනි වැඩපිළිවෙළක් මේ රටට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ඒ වෙනුවෙන් මේ දවස්වල ගම් නියම්ගම් වලට ගිහිල්ලා මේ රටේ හැබෑ මිනිස්සු හමුවෙලා ඒ මිනිස්සු සමඟ කතා කරනවා. අපි අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරනවා. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද පහුවෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් වැඩපිළිවෙළක් සහිතව මේ රටේ මහජනතාව වෙනුවෙන් පෙනි සිටින්න පුළුවන් ශක්තිමත් නායකයෙක් ඒ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්න සූදානම් බව කියා සිටිනවා.”

යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...