ජනතාවට දිගු පෝලිම්වල, ප්‍රවාහන පහසුකම් අක්‍රමවත් බව මැසිවිලි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): ඊයේ (10) සිට ,අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුවද, අද උදෑසන වන විටත් ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොලැබීමෙන් ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය බස්රථ 1,400ක් යොදවා ඇති අතර අවශ්‍යතාව මත තවත් බස්රථ එක් කීරීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගීන්ට ප්‍රමාණවත් තරම් දුරගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් අපහසුතාවට පත් වූ අතර, එ නිසාම ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ අතර බස් නැවතුම්පොළේ විශාල තදබදයක්ද නිර්මාණය වී තිබිණි.

මේ අතර අවශ්‍ය තරම් අධිවේගී මාර්ග බස්රථ ධාවනයට එක්කර තිබුණද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද උදෑසන කාලයේ විශාල පිරිසක් දක්නට ලැබුණු අතර, කොටුව දුම්රිය ස්ථානයටද අද පෙරවරුවේ විශාල පිරිසක් පැමිණ තිබුණේ අවුරුද්දට ගම්බිම් බලා පිටත්ව යෑම සඳහා වුවත් ඔවුන් දැඩි අසීරුතාවෙන් රැදී සිටිනා බවක් පෙනී ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...