උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW):එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.

එම සංස්ථාව පෙන්වා දෙන්නේ, රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේ, මෙම කාලය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...