පොහොට්ටුවේම කැබිනට් මණ්ඩලයක් අදත් අලුතින් දිවුරුම් දෙයි ?

Date:

අද (11) දිනයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ තනතුරු භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය විපක්ෂයේ පක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කුඩා පක්ෂ 11 සන්ධානය මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරනත් නිසාත් අද දිනයේ කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙන්නේ නම් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ගෙන්ම සමන්විත කැබිනට්ටුවක් වනු ඇති බව සඳහන්.

ඒ අනුව මීට පෙර අමාත්‍ය තනතුරු දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ම විෂයයන්ගේ යම් වෙනසක් සහිතව අලුතින් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

රට පුරා පැනනැඟුණු ජනතා විරෝධතා හමුවේ අගමැතිවරයා හැර සෙසු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වුණේ පසුගිය 03 වනදා ය. මුදල් ඇමති ඇතුළු ඇමතිවරුන් 04 දෙනෙකු පමණක් 04 වනදා දිවුරුම් දුන් අතර සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් මෙතෙක් පත්කෙරී නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...