ඉවසන්න, ධෛර්යමත් වෙන්න, අපි රට ගොඩනගමු – අගමැති ජාතිය අමතමින් ප්‍රකාශ කරයි

Date:

රටේ ජනතාව මහපාරට බැස විරෝධතා, උද්ගෝෂණ සිදුකරන සෑම මොහොතක් පාසාම රටට හිමිවීමට තිබෙන ඩොලර් අහිමි වන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රට මුහුණ දී තිබෙන අර්බුදවලින් රට බේරා ගැනීමට එය බාධාවක් බවයි අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ.

රට ගොඩනැගීම සඳහා රටේ සියලුදෙනාට ආරාධනා කරන අගමැතිවරයා ඉවසිලිවන්තව, ධෛර්යමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කරයි.

බොහෝ අර්බුදවලට හේතුව කොවිඩ් වසංගතය හරහා ඇති වූ ගෝලීය අර්බුදය බවත්, සියලු අර්බුදවලින් රටත් ජනතාවත් බේරා ගැනීමට ආණ්ඩුවට තවමත් හැකියාව තිබෙන බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවත් ඔහු පවසනවා.

රටේ ජනතාව විඳින දුෂ්කරතා සම්බන්ධයෙන් ආණ්ඩුව අවබෝධ කරගෙන සිටින බවත්, විවිධ ගැටලුවලින් මිරිකෙමින් සිටින ජනතාවගේ විරෝධය ඉතා සාධාරණ බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දිගින් දිගටම විරෝධතා දැක්වීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

අප විසින් ලියන්නට යෙදුණ ‘මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...