අවුරුදු සමයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය පැවසුවේ,  අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සවවලදී එම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි .

එමෙන්ම එම කාලය තුළ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. 

උත්සව සමයේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව, ගාලු මුවදොර, බොරැල්ල, කිරුලපන හා බම්බලපිටිය ප්‍රදේශවලට මෙන්ම ආගමික ස්ථාන පිහිටි ප්‍රදේශවලට මහජනයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව සඳහන් වේ. 

දිවයින පුරා උත්සව සමයේ මහජනතාවගේ ආරක්‍ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යෙදවීමට නියමිත බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...