ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා!

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

අද (11) සිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

අද හෙට (12) සහ අනිද්දා (13) යන දින තුන තුළ විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කර ඇති බව, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි .

අප්‍රේල් 14වන දින උදෑසන දක්වා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පී එච් ආර් ටී චන්ද්‍රසිරි මහතා පැවසුවේය. නොනගත කාලය උදා වන තෙක්ම දුර ගමන් සේවා බස් රථ ධාවනයට යෙදවීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද පැවසීය.