මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 10ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.  මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව එම පැමිණිලි 10 ලැබී ඇති බවයි .

එම පැමිණිලිවලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. 

පාලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 1,121ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ පැමිණිලි 75ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. 

ඉන් පැමිණිලි 73ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. 

අනෙක් පැමිණිලි 02 වෙනත් පැමිණිලි යටතේ ලැබී ඇත. 

ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි අතරින් 996ක් විසඳා ඇති බවයි එම කොමිසම පැවසුවේ. 

සෙසු පැමිණිලි 125 සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිතලි අස්වැද්දුව කෙත අස්වැන්න ගෙට ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී...

CID තවත් මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ...

මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ඊයේ (02) රාත්‍රී...

21 විපක්ෂෙ වැඩෙන් සජබ,සර්වජන බලය එක්ක විමලුත් කර අරියි?

කොළඹ LNW: එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නුගේගොඩ...