කොළඹ LNW: සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.
එම පත් කිරීමට අදාළ ලිපිය පසුගිය අප්‍රේල් 10 වැනි දා කබීර් හෂීම් මහතා වෙත ලබා දී ඇති අතර එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා ඇතුළු පිරිසක් එක්විය.




