කොළඹ LNW:අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා පොලීසිය විසින් නව ‘WhatsApp’ අංකයක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව 070-4755600 යන අංකයට එම දර්ශන යොමුකළ හැකිය.
මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව , පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි පොලීසිය නිවේදනය කරන්නේ.
අදාළ වීඩියෝ දර්ශන යොමුකිරීමේ දී, එය සිදු වූ දිනය, ස්ථානය හා පොලිස් වසම සඳහන් කර යොමු කරන ලෙසද පොලීසිය මහජනතාගෙන් ඉල්ලා සිටියි.




