මැදපෙරදිග සාම ප්‍රයත්නය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසාදය..

රෂිකා හෙන්නායක අප්‍රේල් 11, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජය බටහිර ආසියානු කලාපයේ ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික සටන් විරාමය ඉතා සාධනීය පියවරක් ලෙස අගය කරයි.

මෙම එකඟතාවය කලාපීය නොසන්සුන්තාව අවම කිරීමට සහ පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර සැලසීමට මහෝපකාරී වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

අදාළ පාර්ශවයන් අතර යළි ඇරඹෙන සාකච්ඡා මගින් ස්ථිරසාර සාමයක් උදාවනු ඇති බවට රජය බලාපොරොත්තු පළ කරන අතර, මේ සඳහා මැදිහත් වූ රාජ්‍යතාන්ත්‍රික පාර්ශවයන්ට සිය ස්තූතිය පිරිනමයි.

කලාපයේ දීර්ඝකාලීන ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙම අවස්ථාව උපරිමයෙන් භාවිතා කරන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

මෙම නිවේදනය මගින් අවධාරණය කෙරෙන්නේ ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන රාජ්‍යතාන්ත්‍රික සහයෝගයයි.