මැතිවරණය ගැන විශේෂ නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත එකී ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසයි .

එබැවින් අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනය තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරනු ඇත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ , මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු ලබන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...