ජනතාවගේ අයිතිවාසිකම් අවහිර වන පණතකට අපි එකඟ නෑ – සාගර කාරියවසම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රජාතන්ත්‍රවාදිව තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජනතා සතු අයිතිය කිසිදු ආකාරයකින් මඟහවුරන්නාවු ද බාධා කරන්නාවු ද කිසිදු නිතියකට, පනතකට අප පක්ෂය එකඟ නොවන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.04.11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි සාගර කාරියවසම් මහතා,

“නොබෝ දිනකින් ලබාන්නාවු සිංහල දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පාක්ෂිකයින්ටත් සමස්ථ ශ්‍රී ලංකාවාසි ජනතාවටත් සතුට සාමය සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දදක් වේවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙමුණ වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල බොහෝ සේ සාකච්ඡාවට බදුන්වෙලා තිබෙනවා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හේතුව වුණේ මෙතෙක් ලංකාවේ පවතින ත්‍රස්ත විරෝධි පනත තුළ ඇතිවී තිබෙන කරුණු ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් එකඟ නෑ කියන මතයක් ඇති වීම තුළ තමයි අලුතින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්න යෝජනා කළේ.

මේ පනත තාම ඉදිරිපත් වෙලා නෑ. නමුත් දැනට අපි දන්න කරුණු මත රටේ ඒ සම්බන්ධයෙන් ලොකු අන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කරන්නාවු හෝ බාධා කරන්නා වූ කිසිදු පනතකට එකඟ වන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදිව තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජනතා සතු අයිතිය කිසිදු ආකාරයකින් මඟහවුරන්නාවු ද බාධා කරන්නාවු කිසිදු නිතියකට පනතකට අපි පක්ෂයක් විදිහට එකඟ නෑ. මීට කලිනුත් අපි ප්‍රකාශ කර පරිදිම මෙම පනතේ ත්‍රස්තවාදි ක්‍රියාව නිර්වචන කිරීමේ දී කිසියම් වූ සීමාවන් පැනවිය යුතුයි කියන අදහසේ අපි දැඩිව ඉන්නවා.

සෑම ක්‍රියාවක්ම ත්‍රස්තවාදි ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරිමේ හැකියාවක් පනතෙන් එනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදි ජන සමාජයකට සුදුසු නෑ. ඒ වගේම අපි ඊයේ මාධ්‍යවලින් දැක්කා මෙම පනත ගෙන එන අධිකරණ අමාත්‍යවරයාටවත් මේ පනත සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බවයි පෙනි යන්නේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පනත ගෙන එන අමාත්‍යවරයාටවත් විශ්වාසයක් නැතිනම් මෙය නැවත සමාලෝචනය කරලා මේ පනත සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටුවක් පත් කරලා සොයා බැලීමක් කරලා ප්‍රජාතන්ත්‍රවාදි විදිහට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන ඒමට කටයුතු කරන්න කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...