බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා බංගලාදේශ කාන්තා කණ්ඩායම එළැඹෙන අප්‍රේල් 27 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.ඔවුන් එක්දින තරගාවලිය අරඹමින් අප්‍රේල් 27 වන දා එක්දින තරගාවලියේ පළමු තරගයට සහභාගි වන අතර දෙවන සහ තෙවන එක්දින තරග මැයි 2 සහ මැයි 4 වන දින පැවත්වීමට නියමිතයි.මෙම තරග තුනම පැවත්වෙන්නේ පී සරා ක්‍රිඩාංගණයේදී වන අතර මැයි 7 වන දා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කන්ඩායම සමඟ තරගයක් කොළඹ ක්‍රිකට් සමාජ පිටියේදි පැවත්විමට නියමිතව තිබෙනවා.
විස්සයි විස්ස තරගාවලියේ සියලුම තරග කොළඹ සිංහල ක්‍රිඩා සමාජ පිටියේ පැවත්වෙන අතර එම තරග මැයි 9,11 සහ 12 යන දිනවල පැවත්වීමට සූදානම් කර තිබෙනවා.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කාලය හරස්වීම නිසා එකතු කර ගන්නට නොහැකි වූ දෙව්මි විහංගා සහ මනුදි නානායක්කාර වැනි යොවුන් ක්‍රීඩිකාවන් අත්හදා බැලිමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට විශ්වාසය පළ හැකියි.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...