නව පත්වීම් තුනක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNB): නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති අතර , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතාගේ පත්වීම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. නයීමුඩීන් මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .

මහ ලේකම්වරයා දන්වා සිටියේ මීට අමතරව, පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පත්කර යැවීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරළ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ලෙස ඊට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...