අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරියගේ දෑස් ශ්‍රී ලංකාව දෙසට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ස්ප්‍රින්ග් සමුළුවේ දෙවන දිනය වන අද (11) ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් මහත්මිය පැවසුවේ , ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමාප්ත කරන ලෙස කඩිනම් යෝජනාවක් ස්ප්‍රින්ග් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ඉල්ලා සිටියේ අඩු ආදායම්ලාභී රටවල් සඳහා ක්‍රියාත්මක G-20 යාන්ත්‍රණය හරහා විශේෂ සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම්ලාභී රටවලට සහනයක් සලසන ලෙසයි. සමුළුව එළැඹෙන 16 වැනිදා දක්වා වොෂිංටන්හිදි පැවැත්වේ.

ගෝලීය ආර්ථිකය, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණ දෙන ණය අර්බුදය මෙන්ම එම ගැටලුවලට විසඳුම් පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා පැවසීය .

සංවාදයට එක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කළේ , ලොව රටවල් රැසක් ඉහළ උද්ධමනය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන අතර බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට මේනිසා සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...