විමලවීර දැඩි කළකිරීමෙන්. දේශපාලනයෙන් සමුගන්නා දවසත් නිවේදනය කරයි

0
299

තවත් මාස හතරකින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

“මම තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා. බැස යන තරුවක්, බොහෝ විට මන්ත්‍රීකම නැතිවුණාම … දැනුත් ටිකක් ඒ වගේ … සමහර වෙලාවට නෝනා මහත්තයාත් කියන්න පටන් ගනවා ඔහේ මොනවද අපට කරේ කියලා. දරුවො දෙන්නා කියනවා තාත්තා බම්බු ගැහුවා කියලා. ජනතාව දැන් වුණත් කියන්නෙ ඕකා බුලත්විට කෑවා මිසක් අපට මොනවද කරේ කියලා. කා හපයා කියලා ගේ කුඩුකරලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙවෙයි සුන්දර සුකොමළ ඡන්ද දායකයො”

විමලවීර දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ නිවස යළි ඉදිකිරීමෙන් අනතුරුව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. එම නිවස පසුගිය අරගල සමයේ ගැටුම් අතරතුර ගින්නෙන් විනාශ විය.

RN