*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග

අප්‍රේල් 12, වොෂින්ටන් LNW :

🍎මමත් සජබ ආර්ථික කමිටුවත් මඩ අවලාද චරිත ඝාතන බැනගැනිලි නැති හරවත් විවාදයක් කරලා රට හදන හැටි ගැන මුහුණට මුහුණ කතා කරන්න සූදානම්. දැන්වත් ජවිපෙ මාළිමාව විවාදෙට එයි කියල හිතනවා – වි: නායක සජිත්.

🍎විවාදෙට එනකොට දෙවරක් රටට කල විනාශය පමණක් නොව රටට ජනතාවට ජවිපෙ හෝ මාළිමාව මෙතෙක් කල සේවයක් තිබේ නම් ඒ ගැනත් රටට කියන්න සූදානම් වෙලා එන්න – සජිත්ගෙන් මාළිමාවට තවත් අභියෝගයක්.

🍎අයවැයෙන් විතරක් වෙන්කරන මුදලින් රට දියුණු කරන්න බෑ. රාමුවෙන් පිට පැනලා තීන්දු අරගෙන හරි ඉදිරි වසර කීපයේදී රට ගොඩ දැමීම මා හා සජබයේ අරමුණයි – සජිත්.

🍎රට හා ලෝකය ජයගත හැකි මට්ටමේ නව ව්‍යවසායකයන් ලක්ෂ 10 හැදීමේ පසුබිම පාසැලෙන් ඇරඔීමට නව වැඩ පිළිවෙලක් ඇති කරනවා – සජිත් අලුත් වැඩකට අත ගසයි.

🍎අනුර එක්ක විවාදෙට හදුනෙත්ති චැලෙන්ජ් කළේ සජිත් මග අරීවි කියල හිතලයි. සජිත් එක පයින් බාරගත්තම මාළිමාව බය වෙලා සද්ද නැතුව ෂේප් වෙන්න හදනවා. ඒ අස්සෙ හරිනි කියනවා විවාදෙට රනිලුත් ඔිනමලු. මේ විවාදෙබ මග අරින්න හදන්නෙ එයාලට වේදිකාවල කෑගහන එක මිසක් රට හදන වැඩ පිළිවෙලක් නැති නිසයි – මහලේකම් රංජිත්.

🍎ජවිපෙයි මාළිමාවට පිටින් සෙට් වෙච්ච අයයි අතර දේශපාලන ආර්ථික හා දැක්මේ විශාල වෙනසක් ඇති නිසා දෙපැත්තට කඔ අදිනවා මිසක් වැඩ පිළවෙලක් හදාගන්න බැරඅව මාළිමාව අනාඛ වෙලා ඉන්නේ. සජබ එක්ක විවාදෙට නොඑන්නෙත් ඒකයි – සුජීව සේනසිංහ.

🍎මාව ආදර්ශයට අරන් ආණ්ඩුවත් ස්මාට් පංති දෙන්න පටන් අරන්. පුත්තලම නයිනමඩම ශා මරියා, ආනමඩුව විජය විදුහලටත් සජිත් ජලනි ගෙන් ස්මාට් පංති කාමර.

🍎”රට ගොඩ නගන නුවණ” තේමාව යටතේ රට ගොඩ නගන සමගි බුද්ධි මණ්ඩපය  උත්සවශ්‍රීයෙන් අරඹයි. එහි සම්පූර්ණ බර හා සංවිධාන කටයුතු වල මූලිකත්වය ලක්ෂ්මන් පොfන්සේකා  ඉටුකරයි.

🍎ලක්ෂ්මන් පොfන්සේකා සජබ දිනවන ප්‍රබල ජනමාධ්‍ය මෙහෙයුමකුත් අරඔයි.

🍎බුද්ධි මණ්ඩපයේ ප්‍රධාන දේශන ඉන්දීය අගමැති මෝදි ගේ උපදේශකයෙකු වන සුර්ජිත් බල්ලාහ් හා සිංගප්පූරුවේ ඉහළ තැනක වැජඹෙන ලාංකික මහාචාර්ය තිලක් අබේසිංහ ප්‍රධාන දේශන පැවැත්වූහ.

 🍎TV චැනල් ඔක්කොමයි රටේම ජනතාවයි සජබ අපේ කණ්ඩායමයි ජවිපෙ හා මාළිමාව සමග විවාදෙට සූදානම් වුවත් එයාල හොදටම බයවෙලා ලිස්සල යන්න හදන පාටයි. මෙහෙම බියගුළු අයද රට ගොඩ ගන්නේ – ආචාර්ය හර්ෂ අසයි.

🍎පොහොට්ටුවට දැන් එන්නෙ මල්පැණි බොන මී මැස්සො නෙවෙයි කුණුවෙලා ගලන ඕජස උරන නිල මැස්සොයි.ඊලග ඡන්දයේදී ජනතාව පොහොට්ටුව වළදමනවා – මුජිබර්.

🍎පොහොට්ටුව අද කෑලි 05 කට කැඩිලා. සජබ එක්ක සෙට් වෙන්නත් කෑල්ලක් ඉන්නවා. නාමල් පොඩි කොලුව දාල ජැක් ගහල පොහොට්ටුව උස්සන්න හදන එකයි අතිසාරෙට අමුඩ ගැහීමයි දෙකම එක වගේ ගොන් වැඩ – මුජිබර්.

🍎එන ඡන්දය කුමක්ද කියන එක අනුව ජවිපෙ හා මාළිමාවෙ ආර්ථික ප්‍රතිපත්ති හදන බව හරිනි හා ලාල්කාන්ත කියනවා. සජබ හා විවාදෙට එයාල නොඑන්නෙ එයාලට නිෂ්චිත ආර්ථික ප්‍රතිපත්ති හා රට ගොඩනගන වැඩ පිළිවෙලක් නැති නිසා බව ඉන් පේනවා – සජබ කියයි.

🍎පොහොට්ටුවේ හිටපු වැරදි නොකල උගත් වැදගත් බුද්ධිමත් හා ජනතාව ගරුකරන පිරිස සජබ අපි එකතු කරගන්නවා – ජේ සී අලවතුවල.

🍎විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු 1500 කට වැඩි පිරිසක් සජබ හා අත්වැල් බැදගනී. රට හදන වැඩ පිළිවෙලක් ඇති හා මහ පොළොවේ ජයග්‍රාහී පැත්තයි සාමාන්‍යයෙන් බුද්ධිමතුන් ගන්නේ – අජිත් පී. පෙරේරා.

🍎ඇත්ත කතා කරලා හොරකම් වලට නොගිහින් අවංකව ක්‍රියා කිරීම තුළ මන්ත්‍රීකම අහිමිවූ රන්ජන් අසරණ දරුවන්ගේ අනාගතය සදහා ලෝකය පීරා පරිඝණක එකතු කර බෙදා හැරීමේ ව්‍යාපෘතිය විශිෂ්ට වැඩක් – සජබ කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan