රුසියානු දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රේනයේ ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ඒ රුසියානු දැවැන්ත ප්‍රහාරයක ප්‍රථිඵලයකි.

ට්‍රිපිලියා නමැති මෙම බලාගාරය මගින්, කියෙව් අගනුවර ඇතුළු කලාප තුනකට විදුලිය සපයනු ලබනබව එරට මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව දිගු කලක සිට ක්‍රමානුකූලව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේනය චෝදනා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ප්‍රහාරය ඊයේ උදෑසන කාලයේ එල්ල වී තිබෙනවා. ඉන් බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරය, ටර්බයින, විදුලි උත්පාදක යන්ත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවයි.

මේ වන විට ප්‍රදේශයේ ලක්ෂ දෙකකට පමණ විදුලිය ඇණහිට තිබේ. ඊයේ අලුයම යුක්රේනයේ ස්ථාන රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 80 ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වේ.

බොහෝ ප්‍රහාර ඉලක්ක කර ඇත්තේ, බලශක්ති යටිතල පහසුකම්වලටයි. ප්‍රහාර වලින් තුනෙන් එකක් පමණ යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වළක්වා ඇතැයි වාර්තා වේ.

ට්‍රිපිලියා බලාගාරය විනාශ කිරීම ගිම්හාන සෘතුවේ යුක්රේනයට තීරණාත්මක ගැටලුවක් නොවන නමුත්, ශීත කාලය වන විට එය බරපතල ගැටලුවක් විය හැකි බව බලධාරීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...