මහවැසි නොතකා ගෝල්ෆේස් විරෝධතාව තුන්වැනි රාත්‍රියත් පහන් වනතුරු අඛණ්ඩවම …

0
1284

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසලින් ආරම්භ වූ ජනතා උද්ඝෝෂණය ඊයේ (11) රාත්‍රිය පුරාත් අඛණ්ඩව පැවැත්විණි.

කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමෙන් තොරව ජනතාව ස්වාධීනව සංවිධානය වෙමින් ආරම්භ කළ මෙම විරෝධතාව පෙරේදා දිනය වනවිට ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගැනීමේ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබිණි.

විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ගෝල්ෆේස් පිටිය අසල කූඩාරම් පිහිටුවාගෙන රැඳී සිටින අතර ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට අඛණ්ඩවම උද්ඝෝෂණය ක්‍රියාත්මක වේ.

May be an image of 2 people, people standing, outdoors and crowd
May be an image of 3 people, people standing, crowd, outdoors and night
May be an image of sky

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here