අපි හැම පක්ෂයකටම ආරාධනා කලා එකතු වෙලා රට ගොඩ ගමු කියලා ඒත් ආවෙ නෑ

Date:

ඊයේ (11) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කලා. අගමැතිතුමා අවුරුදු පනහකට වඩා පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයක් තියන පුද්ගලයෙක් එතුමා තරම් මේ රටේ දේශපාලනය ගැන අත්දැකීම් ඇති පුද්ගලයෙක් තවත් මේ රටේ නැති තරම්. එතුමා දේශපාලනය පටන් ගත් කාලයේ කල අරගල අද තරම් ලෙහෙසි පහසු නෑ. ජනතාව වෙනුවෙන් නායකත්වය ගෙන දේශපාලන පලිගැනීම් වලට සිරබත් කෑ අවස්ථා ඕනෑ තරම් එතුමන්ගෙ ඉතිහාසයේ ඇති. ඒ දේවල් වලින් පන්නරය ලබපු පරිණත නායකයෙක් අගමැතිතුමා.

එතුමගෙ ඊයෙ කතාවෙ මම දැකපු ⁣විශේෂ තැනක් තියනව.

” අපි හැම පක්ෂයකටම ආරාධනා කලා එකතු වෙලා රට ගොඩ ගමු කියලා ඒත් ආවෙ නෑ. මේ වෙලාවෙ පක්ෂ ගැන හිතනවාට වඩා රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමයි අප සියලුදෙනාගේම වගකීම වන්නේ.

කවුරු වගකීම බාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂය හැටියට අපි ඒ අවසාන වගකීම භාර ගත්තා. අපි මේ ගැටළුවලට විසදුම් ලබා දෙනවා.”
ඒ තමයි මහින්ද රාජපක්ෂගෙ නිහතමානීකම. මහින්ද රාජපක්ෂට බලය කියන්නෙ අරුම පුදුම දෙයක් නෙමෙයි. මේ රටේ දෙවරක් ජනාධිපති උන නායකයෙක්. ආයෙ එතනින් එහාට ඔහුට යන්න තනතුරක් නෑ.

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අවශ්‍ය රටේ හැම දේශපාලන පක්ෂයක්ම එකතු කරගෙන සාමූහිකව මේ ර⁣ට දියුණු කරන්න. නමුත් ඒ වෙනුවෙන් එකතු වෙන්න විපක්ෂයෙ දේශපාලන පක්ෂ අකමැති ඇයි? ඇත්තටම රටට ආදරේ දේශපාලකයො නම් මේ වෙලාවෙ කළ යුත්තෙ රට වෙනුවෙන් එකට එකතු වීම නොවෙයිද?

ආරච්චි Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...