ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිප සියලු තනතුරුවලින් ඉවතට!

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළද වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ශ්‍රීලනිප ස්වාධීනව කටයුතු කිරීමට තීරණයක් ගෙන ඇති අවස්ථාවක පක්ෂයේ එකඟතාවක් නොමැතිව ඊයේ දින ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය භාර ගෙන තිබුණි.

ඒ අනුව පක්ෂයේ විනය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුව පක්ෂයේ සියලුම තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධයක් පවත්වා තිබුණි.

එම අවස්ථාවේදී පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පක්ෂ කාර්යාලයේ සිට ඇති අතර ඔහු පිටතට පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊට මැදිහත් වී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවට පක්ෂය ලෙසයි උද්ඝෝෂණයට පැමිණි පිරිස සිය විරෝධතාව දක්වනු ලැබුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...