වෙළඳ යුද්ධය : ඇමරිකාව චීනයට 145%ක බදු පනවන විට චීනය, ඇමරිකානු ආනයන සඳහා වන තීරුබදු 125%කින් ඉහල නංවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය චීන අපනයන සඳහා පනවා ඇති සියයට 145 ක බදු වලට ප්‍රතිචාර වශයෙන් චීනය විසින් ඇමරිකානු ආනයන සඳහා වන තීරුබදු 125%කින් ඉහල නංවා ඇති බව වාර්තා වේ.

එම අනුපාතය චීන වෙළඳපොළට එක්සත් ජනපද ප්‍රවේශය ඵලදායී ලෙස අඩාල කිරීමට තරම් ඉහළ මට්ටමක පවතින බවත් අනතුරු අඟවමින් චීන රජය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සමච්චලයට ලක්කර තිබිණි.

මේ සමබන්ධයෙන් චීනයේ මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, එක්සත් ජනපද පාර්ශවය චීනයට අධික ලෙස ඉහළ තීරු බදු පැනවීම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් එය එක පාර්ශවිය හිරිහැර කිරීමක් වන බවත්, චීනය අවසානය දක්වා එක්සත් ජනපදයට එරෙහිව සටන් කරන බවත්ය.

කෙසේ නමුත් මේ වන විට චීනය එක්සත් ජනපද සේවා අපනයන කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ට්‍රම්ප්ගේ තීරුබදු වැඩිවීම්වලට ප්‍රතිචාර වශයෙන් හොලිවුඩ් චිත්‍රපට ආනයනය වහාම සීමා කර ඇත. මිට අමතරව එක්සත් ජනපද ඔහියෝ ප්‍රාන්තයේ අධ්‍යාපනය ලැබීමට සලකා බලන සිසුන් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර චීන මුදල් අමාත්‍යංශය වදිදුරටත් නිවේදනය කර තිබුණේ, දෙරට අතර වෙළඳාම සම්පූර්ණයෙන්ම කපා හැරෙනු ඇති බවයි.

මේවන විට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ අග්නිදිග ආසියාවේ රටවල් තුනක සංචාරයක් ආරම්භ කරන අතර, එක්සත් ජනපදය සමඟ වෙළඳ ආතතිය උත්සන්න වන විට චීනයේ සමීපතම අසල්වැසියන් කිහිප දෙනෙකු සමඟ සබඳතා තහවුරු කර ගැනීම අරමුණු කර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...