Prada ට අයිති වූ Versace; බ්‍රෑන්ඩ් පෙරළිය!

Date:

සටහන – පුලී
අප්‍රේල් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නම ගිය බ්‍රෑන්ඩඩ් විලාසිතා ලේබල් දෙකක් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනයක ගනුදෙනුවකින් තම ප්‍රතිවාදියා වන Versace මිලදී ගැනීමට Prada එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි ඉහළ පෙළේ වෙළඳ නාම දෙකක් ඒකාබද්ධ කිරීමේ මෙම ගනුදෙනුවේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 1.36 (£ බිලියන 1.06) බව Prada සමූහය ඉකුත් බ්‍රහස්පතින්දා පැවසීය.

ප්‍රාඩා සමූහය දැනටමත් මියු මියු සහ සුඛෝපභෝගී පාවහන් සන්නාමයක් වන චර්ච් ඇතුළු තවත් බ්‍රෑන්ඩ් කිහිපයකට උරුමකම් කියනු ඇත.

Versace හිමි කර ගැනීමත් සමඟ Prada ඩොලර් බිලියන ගණනක සුඛෝපභෝගී විලාසිතා සමූහයක් නිර්මාණය කිරීමට ඇති හැකියාවත් එම වෙළඳ නාම ප්‍රංශ සුඛෝපභෝගී විලාසිතා සමාගම් වන LVMH සහ Kering සමඟ තරඟ කිරීමට හැකි තත්වයකට පත් කිරීමත් ඔවුන්ගේ අභිප්‍රාය වනු ඇත.

Prada සහ Capri අතර Versace මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා පෙබරවාරි මාසයේදී ආරම්භ වූ අතර Versace සඳහා Prada ගෙවීමට එකඟ වූ මිල, 2018 දී Versace මිලදී ගැනීමේදී Capri හෝල්ඩින්ග්ස් වියදම් කළ ඩොලර් බිලියන 2.15 ට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි.

ලොව පුරා සුඛෝපභෝගී විලාසිතා සඳහා ඇති ඉල්ලුම මන්දගාමී වීම මධ්‍යයේ Versace පාඩු ලබමින් සිටි බැවින්, සන්නාමයේ ණය කන්දරාව ඇතුළත් මෙම ගනුදෙනුව සිදු වීම කඩිනම් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...