අවුරුදු කාලේ අනතුරු වළකමු !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂඥ ‍වෛද්‍ය සමිත සිරිතුංග මහතා විසින් පෙන්වා දෙන්නේ හදිසි අනතුරු හේතුවෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් වසරකට රෝහල් ගත වනබවත් , උත්සව සමය හේතුවෙන් ඉදිරි සතිය තුළ අනතුරුවලින් රෝහල් ගතවන ප්‍රමාණය ඉහළ යාහැකි බවත්ය .

වැඩිදුරටත් ජනතාව දැනුවත් කරන ඒ මහතා,

“මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත් ලංකාවේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා වැඩිපුරම ඇතුළත් වෙන්නේ අනතුරු නිසා තමයි. එය දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3ක් විතර වාර්තා වෙනවා. 2020, 2021 වසරේ යම් ප්‍රමාණයක් අනතුරුවල අඩුවීමක් තිබුණා. ඒ කොවිඩ් ගෝලීය අධි වසංගතය නිසා ඇති වුණු විවිධාකාර හේතු නිසා. ඒ වුණාට අපි දකිනවා නැවත වාරයක් එය වැඩිවෙමින් පවතිනවා.

කෙසේ වුණත් මේ අවුරුද්ද පුරා තියෙන සමස්ත අනතුරුවලින් අපි දැක්ක දෙයක් තමයි එළඹෙන සතිය. ඉතාමත් තීරණාත්මක සතියක් වෙනවා. මොකද අපේ දත්තවලට අනුව දැක්ක දේ තමයි මේ සතියේදී මේ කාලසීමාවේ තමයි රජයේ රෝහල්වලට වැඩිපුරම වින්දිතයින් ප්‍රමාණයක් අනතුරුවලින් නේවාසිකව ප්‍රතිකාර ලබන්න රෝහල්වලට පැමිණෙන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්...