ඇහැලියගොඩ සම්මුතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිදහස ජනතා සභාව නියෝජනය කරනු ලබන සියලු දෙනා පුරා දින දෙකක් ඇහැලියගොඩ දී එකතුව, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හි වත්මන් හැසිරීම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සහ හැදෑරීමක් කරන ඇත. එය ඇහැළියගොඩ සම්මුතිය ලෙස හඳුන්වාදී ඇති අතර එහිදී ඔවුන් පහත සඳහන් ලෙස එය විග්‍රහ කර ඇත.

” ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වේගයෙන් උච්ජාවචනය වෙමින් පවතින නූතන දේශපාලන රිද්මය පිළිබඳ තාර්කිකව සහ විද්‍යාත්මකව හැදෑරීම දේශපාලඥයාගේ මෙන්ම දියුණු දේශපාලන පක්ෂයක මූලික වගකීමක් බව ‘නිදහස ජනතා සභාවේ’ අවිවාදිත විශ්වාසයයි. ඒ අනුව, නිදහස ජනතා සභාව නියෝජනය කරනු ලබන අප සියලු දෙනා පුරා දින දෙකක් ඇහැලියගොඩ දී එකතුව, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හි වත්මන් හැසිරීම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සහ හැදෑරීමක් කරන ලදී.

විශේෂයෙන්, අදේශපාලනික තීන්දු මතින් පැන නැගුණු ආර්ථික අවපාතයන් හමුවේ දරුණු පසුබෑමකට ලක්ව තිබෙන ශ්‍රී ලාංකේය ආර්ථික, දේශපාලන හා සමාජ යථාර්ථයන් පිළිබඳ ව කරනු ලැබූ අප විග්‍රහයන් තියුණු විය. ප්‍රබල විය. තවද, පසුගිය සත් මසක කාලය තුළ සංවිධානයක් ලෙස අප විසින් ගනු ලැබූ තීන්දු හා තීරණ පිළිබඳව ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් මෙන්ම, ප්‍රධාන ධාරාවේ සියලු දේශපාලන පක්ෂ වත්මන් අර්බුදය හමුවේ ප්‍රදර්ශනය කරනු ලබන හැසිරීම් ද අප නිරීක්ෂණයන්ට තීව්‍ර ලෙස භාජනය විය.

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ, ඊට අනුරූපීව නව දේශපාලන න්‍යාය පත්‍රයක් සැකසීමෙන් තොරව, ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලබන දේශපාලන න්‍යාය පත්‍රයට අනුව හැසිරීම ද ප්‍රධාන ධාරාවේ විපක්ෂ දේශපාලන පක්ෂ අතර ඇති සඟවා ගත නොහැකි විරසක භාවයන් ද කේන්ද්‍රීය අර්බුද පිළිබඳව පුරවැසියා දැනුවත් කිරීමේදී දිස්වන මන්දගාමී දේශපාලන සන්නිවේදනය ද ප්‍රජාතන්ත්‍රවාදය මායිම් නොකරන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ “ව්‍යාජ සමත් භාවයට” ප්‍රමුඛ හේතුන් බව අප නිගමනය විය.

ඒ අනුව, ආණ්ඩුවේ බුන්වත් දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවට, කඩිනමින් ප්‍රබුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් සැකසීම පැහැර හැරිය නොහැකි වගකීමක් ලෙස සලකන නිදහස ජනතා සභාව, එහි ප්‍රථම පියවර ලෙස නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතා පරමාධිපත්‍යය උත්තම කොට සලකන සියලු දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු පෙරදැරිව මව්බිම පීඩිත බවින් මුදවා ගැනීම උදෙසා සම්මුතිගත වීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කර සිටී “

මේ වගට,

මහාචාර්ය ජී. එල්. පීරිස්
ඩලස් අලහප්පෙරුම
නීතිඥ ඩිලාන් පෙරේරා
ආචාර්ය නාලක ගොඩහේවා
මහාචාර්ය චරිත හේරත්
මහාචාර්ය චන්න ජයසුමන
කථිකාචාර්ය බී. වයි. ජී. රත්නසේකර
ලලිත් එල්ලාවල
නීතිඥ වසන්ත යාපා බණ්ඩාර
වෛද්‍ය උපුල් ගලප්පත්ති
කේ. පී. එස්. කුමාරසිරි
නීතිඥ උදයන කිරිඳිගොඩ
වෛද්‍ය තිලක් රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...