ඉන්දියානු බිත්තර තොගයක් තවම නිදහස් නැත.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය සහතික නොලැබීමෙන් කොළඹ වරායට රැගෙන ආ ඉන්දියානු බිත්තර තොගය නිදහස් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.පසුගිය සෙනසුරාදා එම බිත්තර තොගය උත්සව සමයේ බේකරි හා මහා පරිමාණ හෝටල් සඳහා රුපියල් 35 බැගින් අලෙවි කිරීමට මිලියනක තොගයක් මෙරටට ගෙන එනලදී.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසූවේ එහි සාම්පල පසුගිය ඉරිදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගත්ත ද මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි .

මෙවැනි තත්ත්වයක් යටතේ අලුත් අවුරුද්දට පෙර එම බිත්තර තොගය බේකරි හා හෝටල් හිමියන්ට බෙදාදීමට නොහැකි වී ඇති අතර , මේ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියගෙන් විමසූ අතර, ඇය ප්‍රකාශ කළේ, අදාළ වාර්තා නිකුත් කළ හැක්කේ හෙට (13) දිනයේ බවයි.

ඉන්දියාවෙන් මීට පෙර බිත්තර මිලියන 2 ක් ආනයනය කළ අතර එම බිත්තර සෞඛ්‍ය අංශ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මේ වනවිට අලෙවි කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...