රේල් පීලි 10,000 ක් චීනයෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කිරීමට තීරණය කර තිබෙන අතර , ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ මෙම රේල් පීලි ආනයනය කරන බවත් ලබන මස අග එම රේල් පීලි තොගය මෙරටට ලැබෙනු ඇති බවයි.

දුම්රිය මාර්ග නඩත්තුවට අවශ්‍ය ඇණ ඇතුළු අමතර කොටස් රැසක් දිවයිනට ආනයනය කර ඇති බවත් , පීලි තොගය ලැබීමත් සමග දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මාර්ග අබලන් වීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවන වේගය බොහෝ ස්ථානවල අඩු කර ඇති අතර ඉන් දැඩි බලපෑමක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී ඇති අතර පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 ක් දක්වා අඩු කිරීමටයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...