මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13, කොළඹ (LNW): IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

පැමිණීමේ වේලාව : CMB – 0935
පිටත්වීමේ වේලාව : CMB – 1035 සිට

මේ වන විට IndiGo සේවය චෙන්නායි සිට දිනකට ගමන් වාර 2ක්, බැංගලෝර් සිට දිනකට එක් ගමන් වා‍රයක් හයිද්‍රාබාද් සිට සතියකට ගමන් වාර 6ක් ලෙස කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක අතර, මුම්බායි නව ගුවන් වාර සමගින් IndiGo ගුවන්සේවය සතියක දී කොළඹ දක්වා ක්‍රියාත්මක කරනු ලබන ගමන් වාර ප්‍රමාණය 30 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ වන විට IndiGo ගුවන්සේවය එළඹෙන ජුනි මස මුලදී චෙන්නායි සිට යාපනය ගුවන්තොටුපොළ දක්වා දිනපතා ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලබාගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...