තායිවානය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් – Wu Qian

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකWu Qian මහතා මෑතකාලීනව උද්ගතව ඇති හමුදාමය අර්බුද පිළිබඳව අදහස් පළ කරමින් පවසා සිටියේ, “ඊනියා තායිවාන ස්වාධීනත්වයක්” හුවාදක්වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවක් චීන මහජන විමුක්ති හමුදාව මගින් මර්දනය කරන බවයි.

ඇමරිකානු හමුදාවේ ඉන්දු-පැසිෆික් මූලස්ථානය වෙත පැමිණි තායිවාන ප්‍රදේශයේ නාවික හමුදාපතිවරයා එහි පැවති ක්‍රියාකාරකම්වලට සහභාගි වූ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය.

චීනය සතු යුදමය ශක්තියට එරෙහිව ඇමරිකාව සහ තායිවාන බලධාරීන් සම්බන්ධීකරණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව ඇතමෙක්ගේ විශ්වාසයයි.


ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර පවතින ඕනෑම ආකාරයක නිල හුවමාරු සහ හමුදා සබඳතාවලට චීනය දැඩි විරෝධය පළ කරන බව ඒ සම්බන්ධයෙන් චියැන් මහතාගේ අදහසයි.

චියැන් මහතා අවධාරණය කළේ, තායිවානය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත්, චීනයට බාධා කිරීමට දරන කිසිදු ප්‍රයත්නයක් කිසිදාක සාර්ථක නොවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...