ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන්හල් වළට වෙන්න යන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13, කොළඹ (LNW):සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා දිවයින පුරා මෑත කාලයේදී වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් වැටලීම් රැසක් කර ඇත, ඒ අනුව මත්පැන් නිෂ්පාදනයේදී දිගින් දිගටම ව්‍යාජ ස්ටිකර් භාවිත කරන ආයතන වසා දැමීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසීය.

එලෙස කළ වැටලීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඉහළ ගිය බවත්, මෙවැනි අත්අඩංගුවට ගැනීම් නිරන්තරයෙන් කරන අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය. දිගින් දිගටම ව්‍යාජ ස්ටිකර් භාවිත කරන ආයතන ඉදිරි කාලයේදී වසා දැමීමට බලාපොරොත්තුවන බව ද ඔහු සඳහන් කරයි.

කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් දෙපාර්තමේන්තුවට අය විය යුතු බදු ප්‍රමාණය මේ වන විට නිවැරදිව හිමිවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...