හලාවත උද්ඝෝෂණය ගැන යුපුන්ගේ කමෙන්ට් එක

Date:

ශ්‍රී ලංකාවේ මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාලාභියා මෙන්ම,ගෙවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ මීටර් 100 නියෝජනය කළ ක්‍රීඩකයා යුපුන් අබේකෝන්ය.

රටේ පවතින ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ද තමන්ට පක්ෂපාති පිරිස් යොදාගෙන සහය පළකිරීමේ උත්සාහයන් දකින්නට ලැබේ.එහෙත් ඒවා පොදුජන විරෝධය නිසා හකුළා ගන්නට සිදුවන අවස්ථා බහුලය.ඒ ආකාරයට හලාවත නගරයේදී ඒ ප්‍රදේශයේ සිටින ආණ්ඩුවේ ප්‍රබලයා ⁣වන සනත් නිශාන්ත මූලිකත්වය ගෙන දියත් කළ ආණ්ඩුවට සහය දැක්වීමේ හමුවක්ද ජනතා විරෝධය හමුවේ විසිර ගොස් ඇත.එසේ පළායාම සම්බන්ධයෙන් අයෙක් මුහුණු පොතේ තැබූ සටහනකට සිය අදහස් එක් කරන යුපුන් අසන්නේ එසේ පළායාමේදී තමන්ගේ ජාතික වාර්තාව ද බිදෙන අයුරෙන් දුව ඇද්ද යනුවෙනි.

මේ සමඟ දැක්වෙන්නේ එම පළකිරීම සහ යුපුන්ගේ අදහස් දැක්වීමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...