පමුණුගම බෝපිටිය ප්රදේශයේ වාහන අංගනයක සඟවාගෙන සිටි ඉන්ධන බවුසර් 04 ක් සොයාගෙන තිබෙනවා. පමුණුගම පොලීසියේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය හමු වී තිබේ.
ඩීසල් බවුසර් 02 ක්, පෙට්රල් බවුසරයක් සහ භූමිතෙල් බවුසරයක් එහි තිබූ බවයි පොලීසිය පවසන්නේ. මෙම ඉන්ධන තොගය වත්තල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හල් හිමියෙකුට අයත් බවද වාර්තා වේ.
අදාල ඉන්ධනහල් හිමියාට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර වැලිසර මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට දන්වා තිබෙනවා.
UN