ඉන්ධන පෝළිම්

Date:

මීට මාස කිහිපයකට පෙර ඉඳල රටපුරා ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන ලබා ගැනීම සඳහා පෝළිම් දැකගන්න පුලුවන්. මුලින්ම IOC සමාගම තෙල් මිල වැඩි කල පසු CEYPETCO පිරවුම්හල් වල පෝළිම් ඇති උනා. ඒ නිසා මිනිස්සු වෙනදට වඩා වැඩිපුර එකවර තෙල් ගහගන්න උනන්දු උනා. සාමාන්‍යයෙන් රුපියල් 1000ක පමණ තෙල් ගහන කෙනත් ටැංකිය පිරෙන්න තෙල් ගහන්න පටන් ගත්තා. ඒක තෙල් පෝළිම් වැඩිවෙන්න එක හේතුවක්. මේ නිසා අඛණ්ඩව සැපයුමක් ලබාදෙන්න ඛනිජතෙල් නීතිගත සංස්ථාව අපොහොසත් උනා.

ඉන් පසුව ඩොලර් ගැටළුව සමග තෙල් වලට ගෙවීමේ ප්‍රශ්න ඇති උනා. ඒ එක්ක තව තවත් රට පුරා තෙල් පෝළිම් වැඩි උනා. තෙල් ඉක්මනින් අවසන් වෙන්නත් පෝළිම් වැඩි වෙන්නත් තවත් එක හේතුවක් තමයි ගොඩක් දෙනා වැඩි මිලට විකිණීමේ හෝ පසුව භාවිතයට ගැනීමේ අරමුණෙන් කෑන් වලට තෙල් නිවෙස්වල ගබඩා කරගන්න පෙළඹුන එක. සාමාන්‍යයෙන් දවසට අවශ්‍ය වෙන තෙල් ප්‍රමාණය වගේ තුන් ගුණයක පමණ තෙල් රටට අවශ්‍ය වෙන්න ගත්තා මේ හේතු නිසා. මෙයට පිළියමක් ලෙස ඉන්ධන පිරවුම්හල් වලින් එක් වාහනයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව පෙට්‍රල් සඳහා රුපියල් 3000ක් සහ ඩීසල් සඳහා රුපියල් 5000ක උපරිමයක් මේ වනවිට නියම කර තිබෙනව.

මේ අතර අද වාර්ථා උන අළුත්ම පුවත තමයි දින හයකට වඩා පෙට්‍රල් සහ ඩීසල් සහිත බවුසර් හතරක් ජා ඇල ඉන්ධන පිරවුම්හලක සඟවා තබාගෙන ඇති බවයි. මේ වන විට එම පිරවුම්හලේ බලපත්‍රය අහෝසි කර ඇති බව දැනගන්න⁣⁣ට ලැබුණා. ර⁣ටේ ජනතාව අපහසුතාවයට පත්ව පෝළිම් වල සිටින අවස්ථාවක පෞද්ගලික ලාභ වෙනුවෙන් මෙවැනි දේ කරන සියළු දෙනාටම දැඩි දඬුවම් ලබා දිය යුතුයි.

සංදේශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...