ඉන්ධන පෝළිම්

Date:

මීට මාස කිහිපයකට පෙර ඉඳල රටපුරා ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන ලබා ගැනීම සඳහා පෝළිම් දැකගන්න පුලුවන්. මුලින්ම IOC සමාගම තෙල් මිල වැඩි කල පසු CEYPETCO පිරවුම්හල් වල පෝළිම් ඇති උනා. ඒ නිසා මිනිස්සු වෙනදට වඩා වැඩිපුර එකවර තෙල් ගහගන්න උනන්දු උනා. සාමාන්‍යයෙන් රුපියල් 1000ක පමණ තෙල් ගහන කෙනත් ටැංකිය පිරෙන්න තෙල් ගහන්න පටන් ගත්තා. ඒක තෙල් පෝළිම් වැඩිවෙන්න එක හේතුවක්. මේ නිසා අඛණ්ඩව සැපයුමක් ලබාදෙන්න ඛනිජතෙල් නීතිගත සංස්ථාව අපොහොසත් උනා.

ඉන් පසුව ඩොලර් ගැටළුව සමග තෙල් වලට ගෙවීමේ ප්‍රශ්න ඇති උනා. ඒ එක්ක තව තවත් රට පුරා තෙල් පෝළිම් වැඩි උනා. තෙල් ඉක්මනින් අවසන් වෙන්නත් පෝළිම් වැඩි වෙන්නත් තවත් එක හේතුවක් තමයි ගොඩක් දෙනා වැඩි මිලට විකිණීමේ හෝ පසුව භාවිතයට ගැනීමේ අරමුණෙන් කෑන් වලට තෙල් නිවෙස්වල ගබඩා කරගන්න පෙළඹුන එක. සාමාන්‍යයෙන් දවසට අවශ්‍ය වෙන තෙල් ප්‍රමාණය වගේ තුන් ගුණයක පමණ තෙල් රටට අවශ්‍ය වෙන්න ගත්තා මේ හේතු නිසා. මෙයට පිළියමක් ලෙස ඉන්ධන පිරවුම්හල් වලින් එක් වාහනයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව පෙට්‍රල් සඳහා රුපියල් 3000ක් සහ ඩීසල් සඳහා රුපියල් 5000ක උපරිමයක් මේ වනවිට නියම කර තිබෙනව.

මේ අතර අද වාර්ථා උන අළුත්ම පුවත තමයි දින හයකට වඩා පෙට්‍රල් සහ ඩීසල් සහිත බවුසර් හතරක් ජා ඇල ඉන්ධන පිරවුම්හලක සඟවා තබාගෙන ඇති බවයි. මේ වන විට එම පිරවුම්හලේ බලපත්‍රය අහෝසි කර ඇති බව දැනගන්න⁣⁣ට ලැබුණා. ර⁣ටේ ජනතාව අපහසුතාවයට පත්ව පෝළිම් වල සිටින අවස්ථාවක පෞද්ගලික ලාභ වෙනුවෙන් මෙවැනි දේ කරන සියළු දෙනාටම දැඩි දඬුවම් ලබා දිය යුතුයි.

සංදේශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...