අරගලකරුවන් ගැන ජනාධිපතියි අගමැතියි තාමත් ඉවසනවා – එස්.බී.

Date:

ආණ්ඩුවට එරෙහිව තරුණ තරුණියන් ඇතුළු රටේ ජනතාව ආරම්භ කර ඇති මහජන අරගලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තවමත් ඉවසීමෙන් කටයුතු කරන බව, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තරුණ දරුවන්ගේ කේන්තිය ඉතාම සාධාරණ බවත්, ඔවුන්ගේ ගැටලු පිළිබඳව ආණ්ඩුවට ඉතා පැහැදිලි අවබෝධයක් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ආණ්ඩුව සැමවිටම උත්සාහ දරමින් සිටින්නේ ජනතාව විඳින පීඩාවලින් ඔවුන් මුදවා ගැනීම සම්බන්ධයෙන් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉතා ඉක්මනින් ජනතා ගැටලු විසඳා ඔවුන්ට සහන ලබාදීමට හැකිවනු ඇති බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් බොහෝ කරුණුවලට එකඟ විය හැකි බවත්, විශේෂයෙන් රජයේ ආදායම ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බවත් දිසානායක මහතා පවසනවා. රජයේ ආදායම මේ වනවිට 08% කට වඩා පහතට වැටී ඇති බවත්, බදු සහන ලබාදීම හරහා ආදායම පහතා දමාගෙන තිබෙන්නේද ආණ්ඩුව විසින්ම මහත් ඔහු සඳහන් කරනවා.

රජයේ වියදම් සීමා කිරීම මෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමද ඉතා හොඳ යෝජනා බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...