*
Monday, April 14, 2025
spot_img

Latest Posts

ජනාධිපති ට්‍රම්ප් ස්මාර්ට් දුරකථන හා පරිගණක තීරුබදු වලින් නිදහස් කරයි.

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් චීනයද ඇතුලත් වන පරිදි ට්‍රම්ප් ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ තවත් සමහර ඉලෙක්ට්‍රොනික උපාංග තීරුබදු වලින් නිදහස් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයේ දැක්වෙන්නේ, බොහෝ රටවල් සඳහා ට්‍රම්ප්ගේ 10% ගෝලීය තීරුබදු සහ ඊට වඩා විශාල චීන ආනයන බද්දෙන් භාණ්ඩ බැහැර කරන බවයි.

ට්‍රම්ප් චීනය වෙනුවෙන් පනවන ලද තීරුබදු වලින් අනතුරුව පළමු සැලකිය යුතු සහනය මෙය වන අතර බොහෝ උපකරණ චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල ඉහළ යා හැකි බවට ඇමරිකානු තාක්ෂණික සමාගම්වල කනස්සල්ලෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ස්මාර්ට් දුරකථන හා පරිගණක වලට අමතරව අර්ධ සන්නායක, සූර්ය කෝෂ සහ මතක කාඩ්පත් ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සහ සංරචක මෙලෙස තීරුබදු වලින් නිදහස් කෙරෙන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, මෙම සමාගම් හැකි ඉක්මනින් එක්සත් ජනපදයේ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සුදානමින් සිටියි. ඒ අනුව. රැකියා සහ කර්මාන්තශාලා නැවත එක්සත් ජනපදයට ගෙන එනු ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ,

ස්මාර්ට්ෆෝන් දැවැන්තන් වන සැම්සුන් හා ඇපල් සමාගම් මේ වන විට සම්පුර්ණ වශයෙන් චීනය මත යැපීම වළක්වා ගැනීම සඳහා තම සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරමින් සිටින අතර ඔවුන් ඉන්දියාව සහ වියට්නාමය අතිරේක නිෂ්පාදන මධ්‍යස්ථාන සඳහා අවධානය යොමු කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan