මෙත්සරාගෙන් අවශ්‍යයතාවයට සරිලන සැර ඉණිමක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 13, කොළඹ LNW:

අම්පාර උහනින් ශ්‍රී ලංකා අවුුරුදු 19 න් පහළ කණ්ඩායමට එක් වුණ ප්‍රමුදි මෙත්සරා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන යාමට අවශ්‍යය කරන අපූරු ඉණිමක් දියත් කරනු ලැබුවා.ජයග්‍රහණයේ වීරවරිය වූ ඇය එම ඉණිමට හකරේ පහර දෙකක් අඩංගු කරමින් පන්දු 17 දී ලකුණු 22 ක් නොදැවී ලබා ගත්තා.එසේම පන්දු යවන්නියක ලෙස ද නම ඉදිරියේ කඩුලු නොමැති වුව ද මෙත්සරා,ඕවර් 3 දි ලකුණු 9 ක් පමණක් ලබා දී හොඳ පන්දු යැවීමක නිරත වුණා.


පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දැඩි පීඩනයක් ඇති කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට පන්දු ඕවර් 20 නිමා වන මොහොතේ ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 9 ට ලකුණු 91 ක් පමණයි.නායකා චමුදි ප්‍රබෝධා ලකුණු 21 කඩුලු 2 ක් ලබා ගත් අතර එංගලන්තයට එරෙහි දස්කම් තව දුරටත් ඉදිරියට රැඟෙන එමින් ලිමන්සා තිලකරත්න ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.තරගාවලිය පුරාම කඩුලු අතර සිටින අසෙනි තලගුණේ මේ තරගයේදී ඔස්ට්‍රේලියානු පිති නොසොල්වා තබා ගන්නට වග බලා ගමින් පන්දු ඕවර් 4 තුළ ලකුණු 13 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් පමණක් ලබා ගත්තා.


එහෙත් පිළිතුරු ඉණිම පහසු වුණේ නැහැ.ශ්‍රී ලංකා පිතිකාරියන් පෙර අත්දැකීම් සමඟ අඩු ලකුණු පූවරුවට ළඟා වීම සඳහා ප්‍රතිවාදීන්ගේ පීඩනය වැඩි කරන සුළු හෝ ආක්‍රමණශීලී තත්ත්වයක් පෙනෙන්නට තිබුණේ නැහැ.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යම් ආකාරයක තමන්ම නිර්මාණය කර ගත් පීඩනයකට කොටුව සිටිමින් මීට පෙර සිඳු වූ ලෙසම ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නිය ෆ්ලිපා සූසීට ඇය යැවූ පන්දු ඕවර් 3 තුළ ලකුණු 8 ට කඩුලු 3 ක් ම ලබා දුන්නා.


එහෙත් අංක 8 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි ප්‍රමුදි ඒ වන විට පන්දු ඕවරයකට ලකුණු 6 ඉක්මවා ලබා ගනිමින් ජයග්‍රහණයට යා යුතුය කියන හැඟීමට අනුව තරමක් ආක්‍රමණශීලී ක්‍රමයකට පිවිසුණා.ඇය 17 වන ඕවරය යැවීමට කැඳ වූ භයානක ෆ්ලිපා සුසී ට එරෙහිව ලකුණු 10 ක් එකතු කරමින් අනෙක් පන්දු යවන්නියන්ගේ ද මානසිකත්වය වෙනස් කරන්නට සමත් වුණා.


ඒ නිසා 20 වන ඕවරයේ තෙවන පන්දුවේදී, මෙත්සරා තමන් ඒ දක්වා කරමින් සිටි කාර්යයේ ජයග්‍රාහී සමාප්තිය සටහන් කළා.මෙහිදී ඇයට පෙර පිටියට පැමිණියත් පසුව පැමිණි මෙත්සරාගේ විශ්වාසය දුටු ශෂිනි ගිම්හානි පන්දුවට පහර දීමේ වැඩි බලය මෙත්සරා වෙත ලබා දෙමින් ජයග්‍රහණය වෙනුවෙන් 29 ක සබඳතාවයක් හත්වන කඩුල්ලට ඇති කර ගනිමින් ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන්නා.ඇය පන්දු 8 ට පමණක් මුහුණ දෙමින් ලකුණු 7 ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...