*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රගර් අස්ථාවර විය හැකි ස්ථාවරකරණ කමිටුවක්…?

අප අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් පරිදි ක්‍රිඩා අමාත්‍යවරයා හොරගල් අහුලමින් සිට අවසානයේ ශ්‍රී ලංකා රගර් සම්මේලනය ද විසුරුවා දමන්නට ක්‍රියා කළේය.ඒ එයට විවිධ කරුණු දක්වමින් ස්ථාවරකරණ කමිටුවක් නම් කරමින්ය.ක්‍රීඩාව ස්ථාවර කරමින් නව අනුග්‍රහයන් කැදවමින් නව තරග අංශ හඳුන්වා දෙමින්,විනිසුරුවන් සහ තීරකයන්ට ජාත්‍යන්තර අත්දැකිම් දෙන්නට පසුබිම සකස් කරමින් ක්‍රියාත්මක වූ රගර් සම්මේලනය තමන්ගේ හිතවතුන්ගේ උදහසට යටත් කොට පත් කරන ලද මේ ස්ථාවරකරණ කමිටුව සමඟ මේ මොහොතේ ක්‍රීඩාවක් වශයෙන් ස්ථාවර වෙමින් තිබුණ රගර් යම් කිසි ආකාරයකට අස්ථාවර කිරිමක් සිඳුවිය හැකිය යන්න අපේ අදහසය.

ඒ නිසාම එම ස්ථාවරකරණ කමිටුව පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා හේතු සේ දකින කරුණු එම මාධ්‍ය ඒකකය විසින් යොමු කර තිබෙන අතර එහිදි දක්වා ඇති කරුණු තුන සම්බන්ධයෙන් LNW දරණ මතය පහතින් පළ කරන්නෙමු.
සේවයට වඩා බලය තිබිය යුත්තේ තමන්ට සහ තම කණ්ඩායමට යන්න පිළිබඳ හැඟීම ශ්‍රී ලංකාවේ බරපතල ඛේදවාචකයක් වන අතර ඒ අනුව කුමන යහපත් තත්ත්වයක යමක් තිබුණ ද එයට එරෙහිව පිරිස් ඒකරාශි විම පවතින සංදර්භය යටතේ අමුත්තක් නොවන බැවින් නව කමිටුවකට පිරිස් ඉදිරිපත්වීම අප විශ්මයක් කොට සළකන්නේද නැත.

1.      ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නීති සහ ජාත්‍යන්තර සම්මේලනවල නියෝග නොතකා හරිමින් ක්‍රියා කළ නිසා එම තිරණය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා හට සිදුවිය. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට අධිකරණයෙන් ලබාදුන් නියෝගයට අනුව ඌව සහ බස්නාහිර පලාත් රග්බි සංගම් නියෝජනය නොකර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබියදී ඌව සහ බස්නාහිර පලාත් රග්බි සංගම් යොදාගන්නා ලදී.
*මීට අදාළව කරුණු දක්වමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ රග්බි සම්මේලනයට පැන වූ තහනම අධිකරණය විසින් වාරණයට ලක් කළ අතර එහිදී රග්බි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට එම තහනමට බල පෑ කාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු නොසළකා හැර තිබිණි.මෙම නඩු විභාගය සම්බන්ධයෙන් අධිකරණය ක්‍රීඩා අමාත්‍යංශයට දුන් නියෝගය වූයේ එම කරුණු නිරාකරණය කර අධිකරණයට වාර්තා කිරීමය.එසේම නව නිලවරණය පැවත්වීමට ද අධිකරණය අවසර ලබා දුන්නේය.ඒ නිසා මෙම කරුණ අධිකරණය මඟින් නොසළකා හරින ලද කරුණක් සේ සැළකිය හැකි ඇති අතර නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා එම කරුණ රග්බි

සම්මේලනය විසුරුවා හැරීමට පදනම් කර ගත් කරුණක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ නිවේදනයේ දක්වා ඇත.

2.      ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයේ සභාපති රිස්වි මොහොමඩ් ඉල්ලියාස් මහතාව තහනමට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා විසින් නියෝගයක් පසුගිය දා නිකුත් කරන ලදී. එම නියෝගයට අවනත නොවී ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් රිස්වි මොහොමඩ් ඉල්ලියාස් මහතාව තව දුරටත් සභාපති වශයෙන් පිළිගෙන තිබේ.
*මෙම තහනම අධිකරණය විසින් පිළිගෙන නැත.එය විභාග කරමින් පවතින කරුණක්ය.අධිකරණය විසින් පිළිනොගත් තහනමක් ක්‍රියාත්ම නොකරව බවට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට චෝදනාවක් හැටියට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා විසින් රග්බි සම්මේලනය විසුරුවා හැරීම රටේ අධිකරණ තීරණයට වඩා අමාත්‍යවරයාගේ දේශපාලන භූමිකාව ශක්තිමත් බව සිතා ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයක ස්වරූපයක් පෙන්වන්නේය.ක්‍රීඩා අමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ නීතිය සහ ජාත්‍යන්තර නීතිය නොසළකා හරින බවට කරනු ලබන චෝදනාව හරහා බලපෑම් කරන්නේ රටේ අධිකරණය මඟින් විසඳා ගන්නට දරණ කරුණු නොසළකා හැරි රටේ ක්‍රීඩා සම්මේලන ක්‍රිඩා අමාත්‍යවරයාගේ නියෝග මත වැඩ කළ යුතු බව සේ පෙනේ.අධිකරණය විසින් එම ස්ථිර සේ රිස්වි ඉල්ලියාස්ගේ ඉවත් කිරීම පිළි නොගැනීම නොසළකා ක්‍රීඩා අමත්‍යවරයා මේ දක්වන කරුණු අනුව රග්බි සම්මේලනයට තමන්ගේ නියෝගය පිළිගන්නට කීම අධිකරණයට වඩා ක්‍රිඩා අමාත්‍යවරයා බලවත් සේ පිළි නොගැනිම නිසා රග්බි සම්මේලනය විසුරුවා හැරීමක් සේ අර්ථ ගැන්විය හැකිය.

3.      ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතේ නීතිය අනුව යම්කිසි ජාත්‍යන්තර සංගමයකින් යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි සංගමයක් තහනම් කළ අවස්ථාවකදී එය ඉටුකිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය බැදී සිටින නමුත් එම නියෝගය ද නොතකා හැර  ක්‍රියාකර තිබේ.
*මෙම කරුණ සම්බන්ධයෙන් ආසියානු සංගමයම මේ වන විට පරීක්ෂණයක් කරමින් පවතියි.එය පෞද්ගලික කාරණයක් වන බැවින් තමන්ගේ තනතුර පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා යොදා ගැනීම වැරදි බව ඔලිම්පික් කමිටුව පවා ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයාට දන්වා ඇත.එසේම ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා ශ්‍රී ලංකාවේ රග්බි තහනම් කිරීමට යොදා ගත්තේ හිටපු අමාත්‍යවරයා විසින් පැන වූ තහනම වන අතර දැන් අධිකරණය දැක් වූ කරුණුවලට අනුව ක්‍රීඩා අමාත්‍යංශය එම තහනම ඉවත් කිරිමෙන් පසුව ආසියානු සම්මේලනය ද එම තහනම ඉවත් කළ යුතුය.
ඉනික්බිතිව ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සභාපතිවරයා සහ ආසියානු සභාපතිවරයා අතර ඇති පෞද්ගලික සංවාදයක් සම්බන්ධයෙන් උරණව ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා සභාපතිවරයාව තහනම් කිරීමය.මේ තීරණය මේ වන විට ආසියානු සම්මේලනයේ ද පරීක්ෂණයකට හේතු වි ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හෝ ජාත්‍යන්තර රග්බි සම්මේලනය ද මේ තීරණය පිළිගෙන නැත.එසේ අර්බූදයක් වී තිබේනම් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද නොතකා හැරිම් මත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දුව වාරණය ලක් කළ අයුරෙන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ද තහනමට ලක් කළ යුතුය.ආසියානු සභාපතිවරයා තමන්ගේ අසළින් වරදාන වරප්‍රසාද දී තිබා සිටින ලාංකිකයෙක් හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාව තමන්ගේ පේද්ගලික උවමනාකම් මත නටවමින් සිටියද සිය ජාත්‍යන්තර මව් සංගමය හරහා ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකා සභාපතිවරයාට වාරණ පනවන්න උථ්සාහ නොකිරිම ගැන අවබෝධයක් ගැනීමට ක්‍රිඩා අමාත්‍යවරයා මෝරා නැත.
වැදගත්ම කරුණ පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව හරහා රග්බි ව්‍යවස්ථාව නැවත සංශෝධනය කිරීමට උත්සාහ කිරීමය.ක්‍රිඩා අමාත්‍යවරයා අභිලාෂයක් සේ එම කරුණ මෙම පත් කිරීම හරහා බලාපොරොත්තුවන බව පවසන්නේ එතුමාගේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිවේදනයෙන්ය.එයින් අදහස් වන්නේ රග්බි සම්මේලනය පවතින ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් දේශපාලන බලධාරියා වන ක්‍රිඩා අමාත්‍යවරයාගේ තීරණ අධිකරණයට ගෙන වෙනස් කර ගැනීමට ඇති ඉඩ අවම කර ගැනීම විය හැකිය.නැතිනම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගවලට ඇති බලය එම ව්‍යවස්ථාව හරහා පුළුල් කර ගැනිමේ අපේක්ෂාව ද විය හැකිය.
මෙහි දක්වන කරුණු සියල්ලෙන් පැහැදිළි කරන්නේ අමාත්‍යවරයාගේ නියෝග අභියෝගයට ලක් කිරිමෙන් ඇති වූ කම්පනය මත ක්‍රිඩා අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇති බවය.ක්‍රීඩා තරග නොපැවත්වීම,මූල්‍යමය විෂමාචාර,ක්‍රීඩාවේ විනය කටයුතු උල්ලංඝණය වැනි රගර් ක්‍රීඩාවට අදාළ කිසිවක් මෙහිදි අවධානයට ලක් කර නැත.එසේනම් අමාත්‍යවරයාට අත පෙවිමට ඇති ඉඩ අධිකරණය හරහා අහුරා දැමිමේ කෝපය පිට කිරීමක් සේ මේ විසුරුවා හැරිම සම්බන්ධයෙන් යමෙක්ට ඇතිවන මතය සාධාරණය.
විසුරුවා හරින ලද රගර් පරිපාලනයට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් නිලවරණය මොහොත පදනම් කරගෙන පෙත්සම් ඉදිරිපත් කළ පුද්ගලයෝ ද මේ ස්ථාවරකරණ කමිටුවේ සිටිති. ඒ අනුව එම පත්කිරීම් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් සහ තවත් පිරිසක් විසින් වත්මන් රගර් පරිපාලනයට අකමැති බවත් එ අනුව මේ විසුරුවා හැරිම කළ බවත් යන්න ද සැකයක් ඇති වීම අසාධාරණ නැත.
ලංකාවේ දේශපාලකයා බරපතළ ලෙස තමන්ගේ බලය සම්බන්ධයෙන් විශ්වාස කරයි.ක්‍රීඩා විෂයේදි හිතූ මතයට එම බලය විදහා පෙන්විය නොහැකි අතර ඒවාට ජාත්‍යන්තර වශයෙන් බලපාන ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර මව් සංගම් සහ සම්මේලන විසින් පනවන ලද සීමා මායිම් ඇත.නමුත් දේශිය දේශපාලකයාගේ භුමිකාවේ හැඩයට මනස සකසා ගත් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා සංගම් සම්මේලනවල හුස්ම ගැනිම පවා ස්වාධිනව සිඳුවීම ඉවසිය නොහැකි මට්ටමේ බලය සම්බන්ධයෙන් ඇති වුණ රිදීමක් දකින්නට ඇති අතර යම් ක්‍රිඩා සංගමයක් හෝ සම්මේලනයක් ස්වාධිනව හැසිරිම තමන්ව නොසළකා හැරීමක් සේ දැනෙන හීනමානයක් ඇත්තේ ද යන්න දැනෙන තරමට එය ප්‍රබලව දෘශ්‍යමාන වන්නකි.
මුදල් සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යශංයට බාධාවන් අඩු ක්‍රිඩා සංගම් යම් ආකාරයකින් ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩ ඇහිරිමට අමාත්‍යවරයා යම් කැමත්තක් දක්වා තමන්ට බලයක් ඇති බව පෙන්විමට උත්සාහ කරන බවක් සිතිය හැක්කේ ඒ සංගම් සියල්ලටම කුමන හෝ ආකාරයෙන් තමන්ගේ අභිමතය පරිදි කොටසක් එකතු කිරිමට උත්සාහ කිරීම හරහාය.මේ අනුව ක්‍රිකට්,පාපන්දු සහ රගර් සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යවරයා මැදිහත්වන්නට දරණ උත්සාහය තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.
ඒ මැදිහත්විමේ කලාවේ එක් පියවරක් හැටියට ශ්‍රී ලංකා පාපන්දු තහනම් වි ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තරයෙන් පිළිනොගත් පාපන්දු නිලවරණයෙන් තේරි පත් වූ කණ්ඩායම සමඟ මෑතක් වන තුරුම එක්ව වැඩ කරේ ජාත්‍යන්තර සම්මේලනය නොව ශ්‍රී ලංකාවේ පාපන්දුව තිබිය යුත්තේ ඒ රටේ ක්‍රීඩා ඇමතිවරයාට ඕනැ විදිහට යන්න මවා පෙන්නමින්ය.ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට ඕනෑ විදිහට වැඩ කරන බවක් පෙන්වමින් රටේ ක්‍රීඩාවේ ඉරණම නොසළකා හැර කටයුතු කරන බවට හොඳම උදාහරණයක් මේ සටහන සමඟ දැක්වෙන ආසියානු පාපන්දු සම්මේලනය විසින් යොමු කළ ලිපිය දැක්විය හැකිය.එහි දැක්වෙන ඔලිම්පික් තරග සුදුස්කම් ලැබීමේ ආසියානු කළාප තරග සඳහා ශ්‍රී ලංකාවට ඉඩ නැත.ඒ සියල්ල පසෙක දැමූ විට එම ලිපිය යොමුවන්නේ මෑතක් වන තුරු ජාත්‍යන්තර සම්මේලයෙන් කරන ලද වාරණය නොතකා ක්‍රිඩා අමාත්‍යවරයා බලයේ රඳවාගෙන සිටි අනීතික නිලවරණයෛන් බලයට පත් වූ අයට නොවේය.ජාත්‍යන්තර සම්මේලනය විසුරුවා හරින මොහොතේ බලයේ සිටි නිලධාරි මණ්ඩලයේ ලේකම්වරයාට ය.
බොහෝ විට රගර් සම්මේලනයේ විසුරුවා හැරීම අධිකරණයේ දි වෙනස් විය හැකිය.සමහර විට ආසියානු සභාපතිවරයාට ද යම් අවවාදයක් සමඟ ශ්‍රී ලංකාවේ රගර් ද, ශ්‍රී ලංකාවේ පාපන්දුවට අත් වූ ඉරණමම අත් කර ගන්නටත් ඉඩ ඇත.මේ සියල්ල පිටුපස තව දුරටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැසිරීම ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිඳු තීරණයක් ගන්නා බවක් පෙනෙන්නේ නැත.එහි භාරදූරකම ඉදිරයේදි ශ්‍රී ලංකාවට වැඩිම මූල්‍යමය දායකත්වයක් ජාත්‍යන්තරයෙන් ලැබෙන ක්‍රීඩා තුනටම ජාත්‍යන්තර වශයෙන් වාරණ වැටුණ විට දැනෙනු ඇත.සමහර විට එම මුදල් කන්දම මේ වෙනස් කිරීමේ උවමනාවන් පිටුපස තිබිය හැකිය.රගර් පරිපාලනය ද මේ වන විට ක්‍රිඩා අමාත්‍යවරයාට ජාතික වශයෙන් ක්‍රිඩාව නංවන්න උපදෙස් දෙන පුද්ගලයින්ගේ කාලයේ මිලියන 55 ක ණයකට යට කර තිබිණ.අද එය විසි ගණනකට අඩු කර තිබියදී නැවත එය වැඩි කිරිමේ හැකියාව අවශ්‍යයනම් ස්ථාවරකරණ කමිටුවට කළ හැකිය.

අමාත්‍යවරයා විසින් නම් කරන ලද ස්ථාවර කමිටුව පහතින් දැක්වේ.

1.      චූලා ධර්මදාස මහතා       – සභාපති

2.      ශානක රණසිංහ මහතා          – ලේකම්

3.      තුසිත පීරිස් මහතා – භාණ්ඩාගාරික

4.      ඩී.ඩී දමිත් විතාරණගේ     – සාමාජික

5.      කිෂාන් මුසාෆර් මහතා     – සාමාජික

6.      සවන්ත ද සේරම් මහතා – සාමාජික

7.      සුභාෂ් ජයතිලක මහතා – සාමාජික

8.      ප්‍රදීප් බස්නායක මහතා    – සාමාජික

9.      බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ මහතා – සාමාජික

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan