උ/පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට සහය වෙන්න – අධ්‍යාපන අමාත්‍යාංශය වි.වි.ආචාර්යවරුන්ගෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:විශ්ව විද්‍යාල ආචාර්ය අමිති සම්මේලනය විසින් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවමින් එළඹෙන 17 වැනිදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති ආකාරයට උසස පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සහය දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑම දිනක ඊට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ අතර ඊයේ දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ එම පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සඳහා තවත් ගුරුවරු 7000ක හිඟයක් පවතින බවයි.

එම පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරයෙකුට ලැබෙන දෛනික දීමනාව සම්බන්ධ ගැටලුකාරී තත්ත්වය මත ගුරුවරු ඊට අයදුම් කිරීමෙන් වැළකී ඇති බවයි ස්ටාලින් මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගේ නඩු විභාගයක් ලන්ඩනයේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 අගෝස්තු මාසයේදී...

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ඉලක්කම් විතරක් කළ හැකි තරම් ශක්තිමත්

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලබන වසරේ විශාල වෙනස්කම්...

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...