සිරකරුවන්ට දින තුනක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඒ අනුව අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීමට අවස්ථාව ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි ද රැගෙනවිත් භාරදීම සඳහා අවශ්‍ය පහසුකම් සෑම බන්ධනාගාර ආයතනයකම සපයා ඇතැයි ද සඳහන් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ , සියලුම බන්ධනාගාර ආයතන තුළදී සිරකරුවන් සහ සැකකරුවන්ට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන අතර ඔවුනට කිරිබත් ලබාදීම ද සිදුකරන බවත් රැඳවියන්ගේ හිසතෙල් ගෑමේ මංගල්‍යය ද චාරිත්‍රානුකූලව සිදුකිරීමට නියමිත බවයි .

බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් ජන ක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සව, සංගීත වැඩසටහන් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවත් ඊට සිරකරු සුබසාධක සංගමයේ අනුග්‍රහය ලැබී ඇති බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...