රජයේ මුද්‍රණාලය තීරණයක් ගනී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන ඇති අතර , මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වන විට මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා රැපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇත. ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බව සඳහන් වේ. මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට නොහැකි වී ඇත. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ , මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි .

අවස්ථා කිහිපයකදී මුද්‍රණාලායාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරය වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ , පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...