රජයේ මුද්‍රණාලය තීරණයක් ගනී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන ඇති අතර , මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වන විට මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා රැපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇත. ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බව සඳහන් වේ. මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට නොහැකි වී ඇත. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ , මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි .

අවස්ථා කිහිපයකදී මුද්‍රණාලායාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරය වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ , පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...