කුරුළු උණ හේතුවෙන් ජපානයේ බිත්තර ආශ්‍රිත ආහාර සංස්කෘතිය අර්බුදයක

ජපානයේ, වාර්තාගත කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය දරුණු ලෙස ව්‍යාප්ත යාමත් සමඟ බිත්තර මත පදනම් වූ සුවිශාල ආහාර වෙළඳපොල දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජපානයේ මේ වන විට කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය, මිලියන ගණනක් කුකුළන් මරා දැමීමටත්, බිත්තර හිඟයක් ඇති කිරීමටත්, බිත්තර මත පදනම් වූ කෑම වර්ගවල මිල ඉහළ යාමටත් හේතු වී තිබේ.

කෙටියෙන් කිවහොත්, බිත්තර සුඛෝපභෝගී බවට පත්ව ඇත. මේවන විට වාර්තාගත ලෙස රෝගය ව්‍යාප්ත වීමත් සමඟ කුකුළන් මිලියන 17 ක් හෝ බිත්තර දමන කිකිළියන්ගෙන් 9% ක් පමණ මරා දමා ඇති අතර, එක් දේශීය බිත්තර අලෙවිකරුවෙකුගේ දත්ත වලට අනුව පසුගිය වසර තුළ තොග බිත්තර මිල 70% කට වඩා වැඩි වී තිබේ.

ජපානයේ 7-Eleven වෙළඳසැල් ද පෙබරවාරි මාසයේ සිට බිත්තර හා කුකුළු මස් සම්බන්ද භාණ්ඩ 15 ක පමණ අලෙවිය අත්හිටුවා ඇති අතර රටපුරා ඇති වෙළඳසැල් ඔවුන්ගේ සැන්ඩ්විච් සහ සලාද වට්ටෝරු‌ වෙනස් කර ඇත. මීට අමතරව අවන්හල් සමාගම්වලින් 28%ක්ම ඔවුන්ගේ බිත්තර හා සම්බන්ද ආහාර ලැයිස්තු අත්හිටුවා තිබේ.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...