නෙත්මි තුවාල ලබයි

Date:

කසකස්තානයේ අස්ටානා හි පැවත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර සූරතාවලියේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකා Aktenge KEUNIMJAEVA පැවති අර්ධ අවසන් පූරුව තරගයේදී නෙත්මි අහිංසා තුවාල ලැබුවාය.ඒ උස්බෙකිස්තාන ක්‍රීඩිකා Aktenge KEUNIMJAEVA ගේ දතක් ඇයගේ මුහුණ ප්‍රදේශයේ වැදී යම් ඉරීයාමක් සිඳු වීම නිසා බව තරගයේදී සිඳු වූ අනතුර සම්බන්ධයෙන් අප කරන ලද විමසුමකට පිළිතුරු දුන් නෙත්මිගේ පුහුණුකරු සුරංග කුමාර පැවසීය.

සාමාන්‍ය ප්‍රථමාධාර දිය හැකි තත්ත්වයට වඩා එම තුවාලය යම් ආකාරයකට නෙත්මිට බලපෑම් ඇති කරන තුවාලයක් බැවින් ඒ වන විට තරග සංවිධායකයන් ඇයව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇත.
සටහනේ ඉහළින් අනතුරට පත් නෙත්මි දැකැයි හැකි අතර එම තරගයෙන් ජයගත් උස්බෙකිස්තානයේ Aktenge KEUNIMJAEVA සටහන සමඟ ඇති අනෙක් ඡායාරූපයෙන් දැක්වෙයි.ඇය මෙම තරග ඉසව්වේ ලෝකඩ පදක්කමක හිමිකාරිය වූවාය.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...