මොනවා වුණත් ජනාධිපති රනිල් කරපු කාර්යභාරය කාටවත් අමතක කරන්න බෑ – එස්. බී.

Date:

පක්ෂය ඉරි තැළීමට ඉඩ නොතබන්නැයි ආණ්ඩුවේ ඇමති, රාජ්‍ය ඇමති තනතුරු දරණ සහ පක්ෂයේ නිලතල දරණ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

“සමහර ඇමතිවරු, සමහර රාජ්‍ය ඇමතිවරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන හිතනවා. මොනවා වුණත් මේ වෙලාවේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ගෙන එන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු කාර්යභාරය කාටවත් අමතක කරන්න බෑ. පක්ෂය බිංදුවට වැටිලා අළු දූවිලි වෙලා, අළු මතින් නැවත මේ ගොඩනැගිලා තියෙන්නෙ. ඒ නිසා පක්ෂයේ නාමයෙන් පාර්ලිමේන්තුවේ යම්යම් තනතුරු ගත්ත, ඇමති තනතුරු ගත්ත, පක්ෂයේ නාමයෙන් රාජ්‍ය ඇමති තනතුරු ගත්ත අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන්ට, නිලතල දරණ සියලුම දෙනාට මම කියන්නෙ මේ පක්ෂය ඉරි තළන්න දෙන්න එපා”

ප්‍රශ්නය – මහින්ද මහත්තයාට බලය පවරලා තියෙනවා අපේක්ෂකයා තීන්දු කරන්න. ඔහු හොඳ තීරණයක් ගනීද ?

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේකෙ දිග පළල හොඳට තේරෙනවා. මම විශ්වාස කරනවා එතුමා ඒ පිළිබඳ කල්පනාවෙන් නිවැරදි තීන්දුව ගනී කියලා”

ප්‍රශ්නය – කවද්ද ඔබ ඇමතිකමක් ගන්නෙ ?

“අනේ මම දන්නෙ නෑ. මම අහලාත් නෑ, මට කියලාත් නෑ. ඒ ගැන මම සැලකිලිමතුත් නෑ”

එස්. බී. දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා (11) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...