*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ඉරානයෙන් ඊශ්‍රායලයට නොනවතින ප්‍රහාර මාලාවක්; බයිඩන් G7 නායකයන් කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයට එරෙහිව ඉරානය විසින් ඊයේ(13) දිනයේ සිට දියත් කළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 200 කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් තමන් සහ එහි මිත්‍ර රටවල් විසින් විනාශ කළ බවයි.

ඊශ්‍රයල ආරක්ෂක අංශ ඉරාන ප්‍රහාරයන් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ලෝකයේ හොඳම ගුවන් ආරක්ෂක පද්ධතියක්(air defence systems) හිමි ඊශ්‍රයලය භුමිය ඉලක්ක කරගනිමින් ඉරානය පෙර නොවූ විරූ, පළිගැනීමේ ප්‍රහාරය සනිටුහන් කර ඇති බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහයද සහිතව මිසයිල සියල්ලම විනාශ කිරීමට ඔවුන්ට හැකි වූ බවත්ය.

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍ය Grant Shapps සඳහන් කර තිබුණේ, ” ඉරානයේ අඥාන ප්‍රහාරය” හෙළා දකින අතර අතිරේක RAF ජෙට් යානා කලාපයට යොදවා ඇති බව පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද(14) දිනයේදී ඉරානයේ නිර්ලජ්ජිත ප්‍රහාරයට එක්සත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා G7 නායකයින් කැඳවීමට නියමිත අතර ඊශ්‍රයල ජනතාව ආරක්ෂා කිරීමට සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි සඳහන් වන්නේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan